Force Of Angampora In Ananda College.
හෙළයාගේ ජීවිතය බණ මඩුවේ මෙන්ම රණ මඩුවේ ද එක ලෙසටම උපේක්ෂා සහිත වුවකි. හෙළයා පැටි වියේ සිටම රණ ශිල්පයත් ගුණ දහමත් එකසේ උගනි. අනඳ පින්බිමේ ගුණ දහමත්, සිප් සතරත් උගනින හෙළ දරුවන්ගේ හෙළ රණ සිප් නඟනු වස් අනඳ හෙළ සිසු හවුලේ කැපවීමෙන් හෙළ අංගම් බලකාය මීට වසර ගණනකට පෙර ඇරඹුණි. කශේරුකා සවිමත් හෙළ අනඳ පුතුන් පරපුරක් ජාතියට දායාද කරන්නට, ඒ ව්‍යායාමය සමත් වූ බවට ඉතිහාසය සාක්ෂි දරන්නේය.